චිත්ත රුප

 චිත්ත රුප

ජීවිතයේ අප ඇත විදින හැම සිධියක්ම රුපයක් ආකාරයෙන් සිත තුල මෙමරියේ සටහන් වේ. සිදුවන විශේෂිත සිදුවීම්  සාමාන්‍ය ඒවාට වඩා ගැබුරින් සටහන් වේ . මෙය යමකට භය වීමක් , ආදරය පිළිබද හදවත තුල කාවැදුණු කෙනෙක් සම්භන්ද දෙයක් නැතිනම් ,විරුද්ධ ලිංගිකයෙක් සමග නිවසක ,කාර්යාලයක ,හෝ රාත්‍රියක වාහනයක් තුල  හුදකලා වූ අවස්ථාවක්  විය හැකිය . බල්ලෙක් තම පසුපස පන්නගෙන ආ සිධියක් විය හැක.මේ අන්දමින් මතක බැංකුවේ ඔබ තැම්පත් කල දෙයක් හැර වෙනත් යමක් අපට ආපසු ලබා ගත නොහැකිය..තැම්පත්ව තිබෙන්නේ වැරදි අත්දකීම් නම් ඒ සදහා අධික පොලියක් ලබා ගැනීම අඛණ්ඩව සිදු කෙරේ .එහා සමාන සිද්ධියකදී  පෙර අත්දැකීම නිරායාසයෙන්ම මතකයට එන අතර සිතන්නේ එයට සාපේක්ෂවය.සිදු වී ඇති යමක් නැවත සිදුවෙයි  කියා බියක් සිත තුල තිබේනම්  එය කාලයත් සමග වර්ධනයවී යටි සිත විසින් එම අත්දැකීම නැවතත් ජනනය කරනු පිණිස වන සිදුවීම් හා අවස්ථා අකර්ශනය කරදෙයි. ඒ සදහා යටි සිත විසින් පොලබවනු ලබයි.බල්ලන් සපා කෑ අයට නැවත එය සිදුවීම ,ගබ්සා වූ අයට වෛද්‍යවිද්‍යාත්මක හේතුවක් නැතිව නැවත සිදුවීම ,ලිංගික අතවර වලට ලක් වුවන්ට ඒ හා සමාන අවස්ථා නිතර උදාවීම මනස තුල ඇති බිය විසින් ජනනය කරනු ලබයි.එයින් ලබන සතුට යටි සිත විසින් අපේක්ෂා කරනු ලබයි.මීමස්මොර රෝගියෙකු එය නිට්ටාවට සුව කර ගැනීමට යටි සිතින් කැමැත්තක් නොදක්වන්නේ එය සැදුනු අවස්ථාවේදී ලබන මානසික සතුට නිසාය.ස්වප්න මෝචනයකින් ගැටවර වියේ පිරිමි ළමයෙකු ලබන සතුටද මෙවැනිම දෙයකි

. අනුන් හට තමන්ගේ ආදරයට බදුන් වී සිටි අයට නොමනා ලෙස නුසුදුසු ලෙස සැලකීම ගැන ඔවුන් තුල පසු කාලයදී ඇති වන පසුතැවිල්ල ඉතා ගැබුරු එකකි .තම කතා කල ආකාරය ගැන අම්මට ,තාත්තට,  බිරිදට දුවට පුතාට ,සැමියාට  පෙම්වතාට පෙම්වතියට  සිත් වේදනා ඇති වූ  ප්‍රමාණය ගැන තමා කමා කරගෙන ඇති බවක් පෙනේද ? නැතිනම් තවමත් එය සිත තුල පෑරෙමින් පවතින්නේද .?තමන්ට බෙහෙවින් ආදරය කල අයට බොරු කිව්වේ ඇයි ? ජීවිත අත්දැකීම් ගණනාවක දුක්ඛ දායක ප්‍රථිපලය මෙයයි.  එවෙලෙහි එය හොදින් නොතෙරුනේ ඇයි? නිදොස් අයට අනිසි ලෙස ඇමතීමට කෝපයට පෙරමග යන්න හරියේ ඇයි?මේවයේ චිත්ත රුප නැවත අවශ්‍ය ඕනෑම වෙලාවක මතක ගබඩාවෙන් ලබාගත හැක .

.මේ සියල්ලම ඔවුන්ට අවේනික වූ  චිත්ත රූප මගීන් නිර්මානය කරන ලද  ඒවාය .පෞරෂත්වයෙන් හා බුධියෙන් දෙදෙනෙකු අතර ඇති සමානත්වය අහම්බෙන් කියවෙන කතාවකින් නැතහොත් හදිසි බැල්මකින් දෙදෙනාගේ සිත් තුලට කා වැදිය හැක .ඒබව ප්‍රකාශ නොකර සගවා ගැනීමෙන් ,චිත්ත ධෛර්ය යොදා යටපත් කිරීමෙන් පළමු සමානත්ව හැගීම මනස තුල වර්ධනය වී මුල් බැසගනී .ඉක්බිති විශ්වාසය, භක්තිය ,අගය කිරීම , පිළිගැනීම , අන්නෝන්‍ය ගෞරවය ඔවුන් අතර ජනනය වෙයි..එවිට බුධිමය සබදතාවක් හටගැනෙයි.මේ බුධිමය බැදීම චිත්ත රුප වශයෙන් හිතේ ඇදුනු අනිකුත් බැදුණු බැදුම් වලට වඩා වෙනත් ස්වරුපයක් ගත් බලවත් එකක් වෙයි.මෙය බද්ධ ප්‍රේමය හා ඒකාන්තයෙන්ම සමාන වූ උත්තම අධ්‍යත්මික  වටිනාකමකින් යුත් හැගීමක් බැවින් දෙදෙනාටම පහසුවෙන් අවබෝධ කරගැනීම අපහසුය.

ජීවන රහස් වැඩියෙන්  සගවාගෙන හිත තුල රදවාගෙන ,ගුප්ත ජීවිත ගත කරන සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කල හෝ  කරන අයගේ තම හිත තුල තෙරපෙමින් පවතින රහස් වල චිත්ත රූප කරන හොල්මන් නිසා කතාවේදී පවා ඉතා කල්පනාවෙන් නැවතී නැවතී හිතමින් ප්‍රවේසමෙන්  අඩුවෙන් කතා කරන ස්වරුපයක් දක්නට ලැබෙන්නේ කොතනකින් හෝ තම රහස් වරදීමකින්වත් පිට වේවිදැයි යන සැකය නිසාය.දරුණු අපරාධ කරුවන් මත් පැන් පානයෙන් වැළකී සිටින්නේත්   ඉතා අඩුවෙන් කතා කරන්නෙත් මේ නිසාය .එක තැනක වැඩි වෙලා රැදී නොසිටීමත් ,නිතරම වට පිට ගැන දැඩි අවධානයක් ඇතිව සිටීමත් ,බාහිරින්  නිරී ක්ෂණය කල හැක .

ප්‍රතිචාරයක් ලබාදෙන්න